ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අද (26) එම ධුරයේ වැඩ භාරගත් බවයි වාර්තා වන්නේ.
බලශක්ති ක්ෂේත්රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලි බල මණ්ඩලයේ ප්රධාන ඉංජිනේරු – ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයක සේවය කර තිබුණා.
එමෙන්ම 2004 සිට 2008 දක්වා ආචාර්ය තිලක් සියඹලාපිටිය ජාතික බලශක්ති ප්රතිපත්ති කමිටුව ද නියෝජනය කර තිබෙනවා.