23 C
Colombo
Friday, February 14, 2025

ටිරාන් අත්අඩංගුවට ගන්න බැහැ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

- Advertisement -

පුවත්පත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි හා කාඩ්බෝඩ් ආනයනය කිරීමෙන් පසු එහි වටිනාකම වන රුපියල් මිලියන 290ක් ගෙවීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සහ සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමේ සභාපති ටිරාන් අලස් මහතා සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර හමුවේ ප්‍රකාශ කර සිටියා.

ඒ මේ සම්බන්ධ නඩුව ජනවාරි 29 වන දින කැඳවු අවස්ථාවේදී.

සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම විසින් මව්බිම පුවත්පත ප්‍රකාශනය කරනු ලබන අතර ඔවුන්ගේ මුද්‍රණ කටයුතු සඳහා මෙම කඩදාසි තොගය ආනයනය කර තිබෙන බවයි පැවසෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර හිටපු අමාත්‍යවරයාට විදේශ ගමන් තහනමක් පැනවීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබු අතර, එම ඉල්ලීම අධිකරණය විසින් අනුමත කර තිබෙනවා.

නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ටිරාන් අලස් මහතා විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ගොනු කර ඇති පෙත්සම් 2025 මාර්තු මාසයේදී විභාගයට ගැනීමට නියමිත බැවින්, එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම, ප්‍රකාශයක් ලබා දීම සඳහා අලස් මහතාට දැනුම් දී තිබුණ ද, ඔහු අසනීප තත්ත්වය හේතුවෙන් පැමිණ නොමැති බවද වාර්තා වනවා.

මීට අමතරව, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් යටතේ මත මුදා හැර ඇති සමාගමේ නිලධාරීන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔවුන්ට ද විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

මෙම නඩුව තවදුරටත් විභාග කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES