28 C
Colombo
Thursday, January 16, 2025

ටයර් ආනයනයට සීමා ?

- Advertisement -

ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට තීරණය කිරීම සඳහා දේශීය ටයර් නිෂ්පාදන සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (31) වෙළෙඳ අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

දේශීයව නිෂ්පාදනය කරන්නා වූ ටයර් රට තුල තිබියදී රටේ ධනය ඩොලර් මිලයන ගණනක් වැය කොට ටයර් ආනයනය සිදු කිරීම තුළින් රට තුල ඇති ඩොලර් ප්‍රමාණයටද බලපෑමක් වී ඇති බවත්, එම ආනයනයන හේතුවෙන් ටයර් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රට තුළ පවතින බවත් දේශීය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය එම සාකච්ඡාවේදී අමාත්‍යවරයාට පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම මේ හේතුවෙන් ඉදිරියේදී ආනයන කරන ටයර් සඳහා යම් සීමාවන් පැනවීමට කටයුතු කරන ලෙසත් ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

දේශීය ටයර් නිෂ්පාදකයා නගා සිටුවිමටත් පාරිභෝගිකයින් වෙත සහනදායි මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය ටයර්  ලබාදීම අරමුණු කොට දේශීය ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය අමාත්‍යවරයා හා මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...