33 C
Colombo
Friday, March 29, 2024

තිස්සකුට්ටිආරච්චි රජගෙදර බල්ලා වගේ..!

- Advertisement -

පොදු ජන පෙරමුණු පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කුක්කුර ජාතකේ බල්ලා වැනි බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහණී කවිරත්න පවසනවා.

ඒ, අද (21) රත්තොට පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින්.

ඇය එසේ දැඩි ආවේගයකින් යුතුව අදහස් දැක්වූයේ, පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළකරමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,

”බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි. ගෙරි හමේ සුවඳ – චීන අශුචි සුවඳ ආවාම ඉවසන්න බෑ. අප තථාගතයානන්වහන්සේ කලා වගේ මී කිරියි – තණකොළයි කලා දැන් වමනේ කරනවා. පලාතේ ඉන්න බෑ පාර්ලිමේන්තුවම ගඳයි. රජගෙදර ඉන්නකල් ගෙරි හම් කාපු බල්ලා මරන්නේ නැතුවා වගේ මේ රජ පවුල ගොවියෝ ටික මරාගෙන කනවා. ඒක ගැන කිව්වාම චීන අශුචි පොහොර නැනෝ පෙහොර හොරා කාපු රජගෙදර එකා බල්ලා ලිහලා මිනිස්සු පස්සේ පන්නන්න දානවා.

මම පාර්ලිමේන්තුවේ නැති වෙලාවක කුක්කුර ජාතකේ රජගෙදර බදුල්ලේ බල්ලා බුරලා තිබුණා. චීන අශුචි නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවනවා. නැනෝ පොහොරවලින් රු.කෝටි 1100 ක් හොරකං කරලා තියෙනවා. මේවා ගැන කියනකොට මොණරාගල – බදුල්ලේ ගොවියන්ගේ ඡන්දෙන් ආපු උන්ට පිස්සු හැදෙනවා. මේ හොරකම ලංකාවේ එක ගොවි පවුලකින් රු. 8000 ක් හොරකං කරලා තියෙනවා.

මොණරාගල ගොවියෝ අතර මේ හොරාකාපු මුදල බෙදුවොත් එක් පවුලකට රුපියල් හාරලක්ෂ තිස් දහසක් ලැබෙනවා. බදුල්ලේ ගොවියෝ අතර බෙදුවොත් රුපියල් තුන් ලක්ෂ හැට දහසක් ලැබෙනවා. මැදමුලනේ කුඹුරු යායවත් අස්වද්දලා නෑ. බෙලිඅත්තේ, තිස්මහාරාමයේ කුඹුරු ටිකත් විනාශයි. මේවා කියනකොට රජගෙර බල්ලා පිස්සු වැටෙනවා. බදුල්ලේ – මොණරාගල චන්දේ දුන්න අයට බටු තියා දැන් ලබු ගෙඩියක්වත් නෑ.

දැන් කාබනික බයියෝ කිරි හට්ටියකුයි, තණකොළ ටිකකුයි කාලා ඉවරයි. වමනේ දාන්නම වෙනවා. වමනේ දාපුවාම දැනගන්න පුළුවන් කොයි බල්ලාද චීන අශුචි ඉන්දියන් නැනෝ පොහොර ගිලලා තියෙන්නේ කියලා. රජ ගෙදර බල්ලා ගැන කවියක් තියෙනවා,

රජමැදුරේ හැදුනු වැඩුනු – ලස්සන පෙනුමැතිව සිටින
රජ ගෙදර බල්ලන් හට – දඬුවමකුත් නැත්තේ
රැකවල් නැති පිහිටක් නැති – අපටයි මේ දඬුවම් !

කියලා තමයි දැන් බදුල්ලේ මොණරාගල ගොවියෝ කියන්නේ.

මතක තියා ගන්න, මේ රටේ ගොවියෝ විනාශ කරලා, මොණරාගල, ඌවේ විතරක් නෙවෙයි මුළු රටේම බටු ගෙඩියක් හැදෙන්නේ නැති කාන්තාරයක් කරපු මේ ආණ්ඩුව ගහල ගන්න බටු ගැන කතා කරනවා. ඔය කියන ජාතියේ ගහල, පලා වර්ග, බටු හැදුණ රටක් තමයි අද බෝංචි 700 යි, තක්කාලි 800, අල 450 යි, කැරට් 800 යි, කෙහෙල් මුවත් රු. 200 යි. අලු කෙසෙල් රු. 240 යි වෙලා තියෙන්නේ.

මහ කන්නේ ඉවරයි. අද ඉදන් ශාක පෝෂක කියලා යූරියා ගෙන්වනවාලු. මේ හදන්නේ චීන අශුචි නැවේ මිලිය 6.7 ක ගඳ වහගන්න.

අද ගොවියාට ඕනි දිලීර නාශක, කෘමි නාශක, වල් නාශකයි. කෘෂිකර්ම අමාත්‍යාංශය දන්නේ නෑ මේවා ගෙන්වනවාද කවද්ද ගෙවන්නේ කොච්චරද ගෙන්වන්නේ ? කොහොමද බෙදන්නේ කියලා. කෘෂි රසායන තහනම රිවස් කිරීම රට රවටන බොරුවක්. මේ හදන්නේ කෘෂි රසායන ඒකාධිකාරය තනි සමාගමකට දීලා කෝටි ප්‍රකෝටි ගානක් හොරකම් කරන්නයි. වෙනදා වගේ විවෘත වෙළෙඳපොලේ පොහොර බෙහෙත් නැතිනම් ගොවිතැන ඉවරයි”.

RECENT ARTICLES - SINHALA

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...