33 C
Colombo
Thursday, March 28, 2024

TNA නිදහස් දිනය වර්ජනය කරයි

- Advertisement -

මෙවර ජාතික නිදහස් දිනය සහ නිදහස් දින සැමරුම් උත්සවය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තිරණය කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්දිරන් මහතා ප්‍රකාශ කරනවා.

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මණ්ඩලය ඊයේ (31) වව්නියාවේදී රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළා.

“ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයෙදි ලබාදුන් පොරොන්දු නිසා ජාතික නිදහස් දින සැමරුමට මමත් සම්බන්ධන් මහත්තයත් සහභාගි වුණා. එහෙත් එම ආණ්ඩුවත් අපට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම අමතක කළා. එබැවින් මෙවරත් අප ජාතික නිදහස් දිනය වර්ජනය කරනවා. ඒ වගේම තමිල් අරසු පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමෙදී උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ ගැටළු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන දෙමළ ජනතාවේ ඉඩම් අත්පත් කර ගැනීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හින්දු ආගමික සිද්ධස්ථාන වෙනස් කිරීමට දරණ තැන සම්බන්ධයෙන් සමාලෝචනයක් කළා. මෙම තත්තවයට විරෝධය පළ කර සිවිල් සංවිධාන විසින් ඉදිරි දින කිහිපයේ පොතුවිල් සිට පොලිකණ්ඩි දක්වා විරෝධතාවක් සංවිධාන කර ඇති අතර ඊට පක්ෂක් සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා.”

RECENT ARTICLES - SINHALA

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්,...

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...