27.8 C
Colombo
Friday, April 26, 2024

‘ගෝඨා ගෝ ගමට’ පහර දී අදට හරියටම මාසයයි..! – යුක්තිය කෝ?

- Advertisement -

ගෝඨා ගෝ ගමට පහර දී අදට හරියටම මාසයකි.

සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියම කරන ලද ස්ථාන මාරුව ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

මේ පිළිබදව ඊයේ (08) දිනයේ දී අධිකරණයේ අවධානය යොමු කරන ලදි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට නොගැනීම පිළිබදව කරුණු දක්වා ඇති අතර, ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

ඒ අනුව, ගරු අධිකරණය ඊයේ දිනයේ දී සැකකරු වහා අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළේ ය. ඒ නමුත්, මේ දක්වා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නැත.

ඊට අමතරව, සිද්ධිය වන අවස්ථාවේ අදාල ස්ථානයේ සිටිය ද නිසි ලෙස තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වූ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබානොදීම පිළිබදව, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මහතා අධිකරණයේ අවධානය යොමු කර තිබුණි.

ගෝඨාගෝ ගමට මැර ප්‍රහාරය එල්ල වූ මැයි මාසයේ 09 වන දා පෙරවරු 10.00 ට පමණ, පොලිස්පතිවරයා විසින් සූම් සාකච්ඡාවක් කැදවා ප්‍රහාරය පාලනය කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇති බවද අධිකරණය හමුවේ කරුණු හෙළිදරව් විය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥමහතා අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළග පොලිස්පති ලෙස පත්වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතන නිසා, ඔහුට එරෙහිව සාක්ෂි දීමට කිසිදු නිළධාරියෙක් ඉදිරිපත් නොවනු ඇති බවයි.

එබැවින්, ඔහුට ලබාදුන් ස්ථාන මාරුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස නීතීඥ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...