28.4 C
Colombo
Sunday, May 18, 2025

අද ඉවරයි .දෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගය පහ

- Advertisement -

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(02) අවසන් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා.

මේ අනුව දෙවැනි ක්‍රියා මාර්ගය ලබන සදුදා( 05) සිට ආරම්භ කරන බවත්, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය සති දෙකක් පුරා සිදුකළ බවත් එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළා.

වැටුප් විෂමතාව විසඳීම යටතේ ලැබිය යුතු තුනෙන් දෙකක කොටස ලබා දෙන ලෙසත් පාසල් උපකරණ මිල අඩු කිරීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස හා පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් ලබා දෙන ලෙසත් ඉල්ලා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය සිදුකළ බව ඔහු සඳහන් කළා.

එහෙත් අදාළ ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන නිසා දෙවැනි ක්‍රියා මාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව ස්ටාලින් මහතා පැවසුවා.

මේ අනුව කලාප කාර්යාල පළාත් කාර්යාල හා රේඛීය අමාත්‍යාංශයට අයත් නිලධාරීන් පාසල්වලට පැමිණ සවස 1.30න් පසු පවත්වන රැස්වීම වර්ජනය කිරීමට කටයුතු කරන බවත්, පාසලෙන් බැහැරව සවස 1.30න් පසු අධ්‍යාපන ආයතන විසින් පවත්වන රැස්වීම්වලදී ප්‍රවාහන වියදම් ලබා නොදෙන රැස්වීම් වර්ජනය කිරිමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

POPULAR ARTICLES

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...