25 C
Colombo
Wednesday, March 19, 2025

ශ්‍රී ලංකා මාස්ටර්ස් ක්‍රීඩාකරන දෙවන තරගය අද

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන දෙවන තරගය අද (26) පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකානු මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය ‍මුම්බායිහි ආචාර්ය ඩී. වයි. පටිල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එය
මෙරට වේලාවෙන් ප.ව. 7.30ට ආරම්භ වනවා.

දකුණු අප්‍රිකාව මෙම තරගාවලියේ ක්‍රීඩාකරන පළමු තරගය මෙය වනවා.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ක්‍රීඩාකළ අතර, එහිදී ඔවුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 4ක තියුණු පරාජයක් ලැබුවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම් මෙහිදී ක්‍රීඩාකරනු ලබනවා.

තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකළ තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටිනවා.

එක් තරගයක් ජයගෙන සිටින බ.ඉ. කොදෙව් කණ්ඩායමට එහි දෙවන ස්ථානය හිමිව තිබෙනවා.

තරගාවලිය මාර්තු 16 වනදා දක්වා පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...