ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අද පැවැත්වෙනවා.
ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 44ක් ලබා සිටියා.
ඔස්ට්‍රේලියාව කඩුලු 06කට ලකුණු 654ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටවූ අතර, උස්මන් කවාජා ලකුණු 232ක් ලබාගත්තා.
ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් රැස් කළ අතර, ජොෂ් ඉන්ග්ලිස් ලබාගත් ලකුණු සංඛ්‍යාව 102ක් හිමිකර ගත්තා.