26 C
Colombo
Sunday, March 26, 2023

2021 ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

- Advertisement -

පාරිභෝගික අසාධාරණයන්ට එරෙහිව සටන් කිරීමට පාරිභෝගිකයාට හැකි වන පරිදි පාරිභෝගික අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිබඳව ගෝලීය දැනුවත් කිරීම සඳහා ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය (World Consumer Rights Day) සෑම වසරකම මාර්තු 15 වන දින සමරනු ලැබේ.

2021 ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය තේමාව වන්නේ “ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සඳහා සියලු පාරිභෝගිකයින් එක්රැස් කිරීම” (Gather all the Consumers in a Fight to Tackle Plastic Pollution) යන්නයි.

වර්තමානයේ ලෝකය විශාල ප්ලාස්ටික් දූෂණ අර්බුදයකට මුහුණ දී සිටී.

ප්ලාස්ටික් බොහෝ ආකාරවලින් ප්‍රයෝජනවත් වුවද, එය පරිභෝජනය හා නිෂ්පාදනය තිරසාර නොවන අතර එමඟින් සියලු පාරිභෝගිකයින්ගේ ක්‍රියාමාර්ග වලට බොහෝ බලපෑම් ඇති කර ඇත.තවද, ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සඳහා 7 ‘R’ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පාරිභෝගික ජාත්‍යන්තර ද්වාරය (The consumers international portal)විසින් පෙන්වා දෙයි.

7 R යන්නෙන් අදහස් කරන්නේ ප්‍රතිස්ථාපනය(Replace), නැවත සිතා බැලීම(Rethink), ප්‍රතික්ෂේප කිරීම(Refuse), අඩු කිරීම(Reduce), නැවත භාවිතා කිරීම(Reuse), ප්‍රතිචක්‍රීකරණය කිරීම(Recycle) සහ අලුත්වැඩියා(Repair) කිරීමයි.

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ ඉතිහාසය ආරම්භ වන්නේ එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) විසිනි.

පාරිභෝගික අයිතිවාසිකම් ප්‍රශ්නය විසඳීම සඳහා ඔහු 1962 මාර්තු 15 වන දින එක්සත් ජනපද කොන්ග්‍රසයට විශේෂ පණිවිඩයක් යවා ඇති අතර එම දිනය වන මාර්තු 15 මෙලෙස ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය ලෙස සමරයි.කෙසේ නමුත් වාර්ෂිකව මෙම දිනය සැමරීම ආරම්භ වන්නේ 1983 දී පාරිභෝගික ව්‍යාපාරය ආරම්භවීමත් සමඟ බව ඉතිහාසයේ සඳහන් වේ.

– තක්ෂි තිරිමාදුර –

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...