31 C
Colombo
Friday, May 20, 2022

ලෝක සංචාරක දිනය අදයි

- Advertisement -

එක්සත් ජාතින්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් ( UNTWO ) 1970 වර්ෂයේ අද වැනි දිනක සැප්තැම්බර් මස 27 වැනිදා ලෝක සංචාරක දිනය ලෙස නම් කරන ලදි.

2020 වසරේ ජුලි මස 01 දින යාවත්කාලින කරන ලද ලෝක බැංකු වර්ගීකරණයට අනුව පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස කාණ්ඩකර ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 84ක් පමණ වන අතර එයින් 05%ක්ම රදා පවතින්නේ සංචාරක කර්මාන්ත මතයි.

එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත අතුරින් තෙවැනි විශාලතම ව්‍යාපාරයයි.

2018 වසරේදි මෙරටට පැමිණ තිබු සංචාරකයින් ප්‍රමාණය මිලියන 2.33 ක් වන අතර ඔවුන් ගෙන ආ විදේශ විනිමය අමෙරිකානු ඩොලර් බිලියන 4.5.කි.

කෙසේ වුවද 2019 වසරේ අප්‍රේල් 21වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරයත් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි පහරක් එල්ල වූ අතර ඒ හේතුවෙන් 2018 වර්ෂයට සාපෙක්ෂව 2019 වර්ෂයේදි මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය 18% කින් අඩුවී තිබුණි.

ඒ අනුව 2018 වර්ෂයේදි විසිතුන් ලක්ෂ තිස් තුන් දහසක්ව පැවති මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව දහනව ලක්ෂ දහ තුන් දහස දක්වා පහත වැටී ඇතැයි වාර්තා විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ලොවම වෙලාගත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්ත අඛණ්ඩව දෙවන වරටත් ඇනහිටි අතර ඒ හේතුවෙන් මිලියන 22ක් වූ මෙරට ජනග්‍රහණයෙන් සෘජුව සහ වක්‍රව සංචාරක කර්මාන්තයේ යෙදී සිටි මිලියන 2ක ජනතාවක් පීඩාවට පත්විය.

එමෙන්ම කොවිඩ්-19 හි ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති මෙරට සෘජු සහ වක්‍ර රැකියා ප්‍රමාණය සමස්ත ශ්‍රම බලකායෙන් 4.6කි.

එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන ආයතනය (UNCTAD) , එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) සමඟ ඒකාබද්ධව මෙම වසරේ ජුනි මස නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ කොවිඩ්-19 වසංගතය ලෝක සංචාරක කර්මාන්තය මත සිදුකරන බලපෑම ගෝලිය ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 4කට වඩා වැඩි අලාභයක් සිදුකළ හැකි බවයි.

ශ්‍රී ලංකාව දෙසින් බැලු කළ වසර දෙකකට වැඩි කාලයක් සංචාරක කර්මාන්තය මුලුමනින්ම ඇන සිටිමෙන් වසරකට අහිමි වී යන විදේශ විනිමය අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ඉක්මවයි.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...