විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (25) දින P සිට W දක්වා කලාප සඳහා පැය 06යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.
මීට අමතරව A සිට L දක්වා කලාපවලටත් අද දිනයේ පැය 05ක් විදුලිය කප්පාදු කරන බව එම කොමිසම පෙන්වා දෙනවා.
P සිට W දක්වා කලාපවලට පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා දහවල් කාලයේ පැය 04යි විනාඩි 30ක්ද, පස්වරු 05.30 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 01යි විනාඩි 50ක්ද විදුලිය කප්පාදු කරනු ලබයි.
A සිට L දක්වා කලාපවලට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා දහවල් කාලයේ පැය 03යි විනාඩි 20ක්ද, පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේදී පැය 01යි විනාඩි 40ක්ද විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.