ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු 299.0799 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු 308.3906ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.
NDB බැංකුව – රු. 296.75 – රු. 307.75
මහජන බැංකුව- රු. 298.36 – රු. 309.07
කොමර්ෂල් බැංකුව- රු. 297.67 – රු. 307.50
සම්පත් බැංකුව – රු. 299 – රු. 308