වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර ඇති ‘මර්දනයට එරෙහි ජනපෙළගැස්ම ‘ සමුළුව අද (24) පස්වරු 2.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙනවා.
මේ සඳහා පක්ෂ නායකයින්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, කලාකරුවන්, වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතයි.
