25 C
Colombo
Saturday, February 15, 2025

බහාලුම් නිෂ්කාශනයේ අද තත්ත්වය

- Advertisement -

ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබුණද, තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බවට වාර්තා වනවා.

මෙම ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත රේගු අංගනය අසල අද (16) පස්වරුවේත් දිගු පෝලිම් නිර්මාණය වී තිබෙන අයුරු දැකගත හැකිවුණා.

කෙසේ වෙතත් ඉකුත් 12වනදා ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා, ශ්‍රී ලංකා රේගුව හා වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල නියෝජිතයන් කැඳවා මෙම ගැටලුව පිළිබඳ පැවැත් වූ සාකච්ඡාවේදී නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා රේගු නිලධාරින් දින 7ම පැය 24ම රාජකාරි කිරීමට සිය එකඟතාව පළ කළා.

මෙම සාකච්ඡාවේදී සෑම දිනකම බහාලුම් නිෂ්කාශනය වූ අයුරු මාධ්‍යට මුදාහරින ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද පෙ.ව. 6.30න් අවසන් වූ පැය 24 තුළ ප්‍රධාන පර්යන්ත තුළින් බහාලුම් 1615ක් මුදාහැර තිබු බව සඳහන් වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදාහළ බහලුම් ප්‍රමාණය 1,337ක්.

කෙසේ වෙතත් ගත වූ පැය 24 ඇතුළත වරාය තුළ සිර වූ බහාලුම්වලින් යම් ප්‍රමාණයක් මුදාහැරීමට වරාය රේගුව ඇතුළු අංශ කටයුතු කරමින් තිබුණ ද, පර්යන්තවලින් පිට වූ ප්‍රමාණයට සාපේක්ෂව ගේට්ටුවලින් පිට වී ඇති ප්‍රමාණය අඩු බැවින් බහාලුම් තදබදය තවමත් අඩු වී නැති බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...