ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (21) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය අද සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 318.90ක් ලෙසයි.
මීට අමතරව අමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 329.60 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වී ඇත්තේ.