30 C
Colombo
Thursday, June 8, 2023

ටෝකියෝ ඔලිම්පික් – දවසේ සුවිශේෂ සිදුවීම්

- Advertisement -

පෙල්ප්ස්ගේ වාර්තාව බිඳ දැමූ ලෝක ශූර හංගේරියානුවා

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 සමනළ ආර පිහිනුම් ඉසව්වේ ඔලිම්පික් වාර්තාව තමන් සතු කරගන්නට එම ඉසව්වේ වත්මන් ලෝක ශූර හංගේරියාවේ Kristof Milak සමත් වුණා. ඒ විනාඩි 1යි තත්ත්පර 51.25 කින් ඉසව්ව අවසන් කරමින්.

මීට පෙර එම වාර්තාව සතු වූයේ ඇමෙරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්ටයි. බීජිං ඔලිම්පික්හිදී ඔහු වාර්තා කර තිබූ කාලය විනාඩි 1 යි තත්ත්පර 52.03ක්.

Milak තමන් සතු ලෝක වාර්තාව මෙවර ඔලිම්පික් උළෙලේදී බිඳ දමනු ඇතැයි විචාරකයක් මීට පෙර අනාවැකි පළ කර තිබුණා.

කෙසේවෙතත් විනාඩි 1යි තත්ත්පර 50.73ක් වන එම ඉලක්කය සපුරා ගන්න⁣ට අපොහොසත් වූ Milak මාධ්‍ය වෙත පැවසුවේ තරග ආරම්භයට විනාඩි 10කට පමණ පෙර සිය ඇඳුම ඉරී යාමෙන් ඇතිවූ මානසික ව්‍යාකූලතාව නිසා තමන්ට ලෝක වාර්තාව වෙත යාමට නොහැකි වූ බවයි.

සියවසකට පසු ලද රන් පදක්කම

ටොම් ඩීන්, ජේමස් ගයි, මැතිව් රිචර්ඩ් සහ ඩන්කන් ස්කොට් එක්ව මීටර් 4×200 සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම සියවසකට පසු බ්‍රිතාන්‍යයට දිනා දීමට සමත් වුණා.

ඒ විනාඩි 6 තත්ත්පර 58.58කින් තරගය අවසන් කරමින්.

බ්‍රිතාන්‍යය කණ්ඩායමට තත්ත්පර 0.03 කින් මෙම ඉසව්වේ ලෝක වාර්තාව අහිමි වුණා.

තරගයේ පළමු අර්ධයේදී ඇමරෙිකාව වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණත් අවසන් මීටර් 100දී ඩන්කන් ස්කොට් බ්‍රිතන්‍යය වෙනුවෙන් රන් පදක්කම රැක ගත්තේ රුසියානු ක්‍රීඩකයා සමග විශාල පරතරයක් තබා ගනිමින්.

මෙම රන් පදක්කමත් සමග ටොම් ඩීන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දෙවන රන් පදක්කම දිනා ගත් අතර බ්‍රිතාන්‍යය පිහිනුම් ක්‍රීඩකයෙක් එවැනි දස්කමක් සිදු කළේද 1908 ඔලිම්පික් උළෙලෙන් පසු පළමුවරටයි.

මේ වනවිට බ්‍රිතාන්‍යය පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් තුනක් දිනාගෙන සිටින අතර ඔලිම්පික් උළෙලකදී බ්‍රිතාන්‍යය පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් තුනක් දිනා ගත්තේ වසර 113කට පසුව වීම ද විශේෂත්වයක්.

ප්‍රතිවාදියාගේ කන සපා කෑ බාල්ලා

අදින් වසර 24කට පෙර මයික් ටයිසන්, එවෙන්ඩර් හොලිෆීල්ඩ්ගේ කන සපා කෑමේ සිද්ධිය ටෝකියෝ ඔලිම්පික් බොක්සිං වළල්ලේදී යළි සිහිපත් කෙරුණා.

ඒ මෙරොක්කෝ බොක්සිං ක්‍රීඩක යූනුස් බාල්ලා 16 දෙනාගේ වටයේ තරගයකදී ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රීඩක ඩේවිඩ් නයිකාගේ කන සපා කෑමේ උත්සාහයක නිරත වීම හේතුවෙන්.

මෙම සිද්ධිය තරඟ විනිසුරුවරයා එම අවස්ථාවේ නිරීක්ෂණය නොකළ අතර තරඟයෙන් පසු නයිකා පැවසුවේ වාසනාවකට ඔහුගේ කන සම්පූර්ණයෙන් බාල්ලාට හසු නොවූ බවයි. ඒ ඔහු පැළඳ සිටි දත් ආවරණ හේතුවෙන්.

නයිකා 5-0ක් ලෙස මෙම තරගය ජයගත් අතර බාල්ලා කන සපා කෑමට උත්සහ කරන්නේ තෙවැනි සහ අවසන් වටයේදී.

තමන්ගේම ලෝක වාර්තාව බිඳ හෙලූ Shi

චීනයේ SHI Zhiyong තමන් සතුව පැවති කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ ලෝක වාර්තාව බිඳ දමමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 166ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 198ක් ලෙස කිලෝ ග්‍රෑම් 364ක් එසවූ Shi තමන්ගේම ලෝක වාර්තාව එක් කිලෝ ග්‍රෑමයකින් අභිබවා යෑමට සමත් වුණා.

2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඔහු කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් රන් පදක්කම දිනා ගත් Shi ඔලිම්පික් බර එසවීමේ ඉසව්වේ රන් පදක්කම පි⁣ට පිට දෙවරක් දිනූ දෙවන ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වනවා.

පදක්කම් සටහන – සත්කාරක ජපානය තවදුරටත් පෙරමුණේ

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පස්වන දිනය නිමාවන විට රන් පදක්කම් 13ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පළමු ස්ථානයේ රැඳෙන්නට සත්කාරක ජපානය සමත් වුණා.

රන් පදක්කම් 12ක් දිනූ චීනය දෙවන ස්ථානයේත් රන් පදක්කම් 11ක් දිනූ ඇමෙරිකාව තුන්වන ස්ථානයේත් රැඳී සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...