27.8 C
Colombo
Thursday, April 25, 2024

ටෝකියෝ ඔලිම්පික් ශ්‍රී ලංකා පළමු බලාපොරොත්තුව බිදවැටේ

- Advertisement -

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා පළමු බලාපොරොත්තුව අද බිඳ වැ⁣ටුණා. ඒ අනුව මීටර් 10 වායු රයිෆල් කාන්තා ඉසව්ව නියෝජනය කළ ටෙහානි එගොඩවෙලට හිමි වූයේ 49වන ස්ථානයයි.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනයේ Yang Qian සමත් වුණා. එය මෙවර ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කමයි. රිදී පදක්කම රුසියාවේ Anastasiia Galashina දිනා ගනිද්දී ස්විට්සර්ලන්තයේ Nina Christen ලෝකඩ පදක්කම හිමි කරගත්තා.

ශ්‍රී ලංකාවේ අනීක් ගෆූර් සහභාගී වන මීටර් 100 සමනළ ආර ඉසව්වේ පළමු මූලික වටයේ තරගය අද පස්වරු 3.55ට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් කේවල ඉසව්වේ මූලික වටයේ පළමු තරගයට තායිවානයේ Tzu-Wei Wang සමග තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් තරගය පස්වරු 4.30ට ආරම්භ වනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...