29.1 C
Colombo
Thursday, April 25, 2024

ටොරානා එක හොරෙන් සී.ටී. ප්‍රනාන්දු මහත්තයාගේ CD ගහනවා. අපිට සතයක්වත් දෙන්නේ නැහැ (වීඩියෝ)

- Advertisement -

ටොරානා ආයතනය සමඟ ඇතිකරගෙන තිබුණු ගිවිසුම් කල්ඉකුත්වී තිබියදීත් එම ආයතනය C.T. ප්‍රනාන්දු මහතාගේ හා ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කර අලෙවි කරන බවට C.T. ප්‍රනාන්දු මහතාගේ පුත් ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ බිරිද චෝදනා කරනවා.

C.T. ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා යන දෙදෙනාම මේ වන විට අභාවප්‍රාප්ත වී ඇති බැවින් එම ගීතවල අයිතිය පවතින්නේ ඇය සතුව බවයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ බිරිද වන සුමී ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ.

අවසාන වරට ටොරානා ආයතනයත් සමඟ ඇතිකරගත් ගිවිසුම 2008 වසරේදී අවසන් වී ඇති බවත් ඉන් අනතුරුවද එම ආයතනය තවදුරටත් C.T. ප්‍රනාන්දු මහතාගේ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සංයුක්ත තැටි නිෂ්පාදනය කරමින් සිටින බවට ඇය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා කිසිදු ගෙවීමක් ඇයට හෝ පවුලේ සාමාජිකයෙකුට එම ආයතනය නොකරන බවද ඇය Youtube නාළිකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...