27 C
Colombo
Saturday, April 20, 2024

ටොෂීබා සමාගම චීනයෙන් යයි

- Advertisement -

ලෝකයේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක් වන ජපා⁣නයේ ටොෂීබා සමාගම චීනයේ ඩාලියෑන්හි පිහිටුවා තිබූ සිය කර්මාන්ත ශලාව ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.

ඊට හේතුව ලාභය අවමවීම බව සදහන් කෙරුණත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු චීන මුහුදේ ගැටලු ඇතුළු ජපානය සහ චීනය අතර පවතින භුදේශපාලනික අර්බුදය මීට හේතුව බවයි.

චීනයේ පළමු ටොෂීබා කර්මාන්ත ශාලාව වූ මෙය වසර 30 ක් පුරා ක්‍රියාත්මක වූ අතර පුද්ගලයන් 650කට ආසන්න පිරිසකට රැකියා ලබාදී තිබිණ.

කාර්මික මෝටර සහ විකාශන ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදන මෙම කම්හල හරහා සිදුවූ බවත් ඒ හරහා චීනයට විශාල ආර්ථික වාසියක් හිමිව තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ – කංචන

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...