30.6 C
Colombo
Sunday, July 13, 2025

වෘත්තීය සමිති නියෝජිතයින් පෞද්ගලීකරණයට එරෙහිව විශේෂ සාකච්ඡාවක්

- Advertisement -

මේ වනවිට රාජ්‍ය ව්‍යවසාය සහ මහජන දේපළ පෞද්ගලීකරණ ක්‍රියාවලීන්ට ලක්කිරීමට ආණ්ඩුව සැළැසුම් කරමින් සිටින පසුබිමක එම තත්වයට මුහුණදෙන ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිය සමිති පුළුල් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ලබන සතියේ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, විවිධ දේශපාලන පක්ෂවලට අනුබද්ධ වූ සහ දේශපාලන පක්ෂවලට අයත් නොවූ විවිධ වෘත්තිය සමිතිවලින් සැදුම්ලත් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිය සමිති අතර මෙලෙස සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර, එහිදී ඒ ඒ ක්ෂේත්‍රවල අවශ්‍යතා මුල් කරගත් එකඟතාවක් ඇති කරගැනීම අපේක්ෂාව බවයි.

ඒ සඳහා දෙසැම්බර් 28 වැනිදා තැපැල් ශ්‍රවණාගාරයේදී වෘත්තිය සමිති නායකයන් අතර සාකච්ඡාවක්ද ආරාධනා කර තිබෙන අතර, මේ වන විට විදුලිබල, බැංකු, රක්ෂණ, ටෙලිකොම් හා තැපැල් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිය සමිති ඒ සඳහා එකඟතාව පළ කර තිබෙනවා.

පෞද්ගලිකරණය ඇතුළු පසුගිය සති කිහිපය තුළ තැපැල් සහ ටෙලිකොම් වෘත්තිය සමිති වර්ජන ක්‍රියාමාර්ගවලට පිවිස ඇති අතර පසුගිය සතියේ ටෙලිකොම් වෘත්තිය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක නිරත තිබුණු අතර, තැපැල් වෘත්තිය සමිතිද වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.

රාජ්‍ය ව්‍යවසාය පවුද්ගලීකරණය හේතුවෙන් රටේ පුරවැසියන් වැඩි ප්‍රමාණයක් ජාතික වෙළෙඳපොළෙන් ඉවත් වීම සහ අදාල ව්‍යවසායන්හී සේවය කරන සේවකයන්ගේ සේවා කොන්දේසි ඍණාත්මක වෙනසකට ලක්වීම ඇතුලු ආපසු හැරවීමට නොහැකි තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව මෙම සාකච්ඡා සඳහා කළ ආරාධනයෙහි සඳහන් වනවා.

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, පෞද්ගලීකරණ ක්‍රියාවලිය සඳහා කිසිදු ජනතා ස්වාධිපත්‍යයයක් ආණ්ඩුවට හෝ පැවති ආණ්ඩුවට හිමිවී නැති බවයි.

ජාත්‍යන්තර ආයතනයක නිර්දේශ මත පමණක් ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් නොවන අතර, එය මහජන ස්වාධිපත්‍යයට සහ රටේ සවෛරීත්වයට පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දෙමින් වෘත්තිය සමිති මෙම සාකච්ඡා කැඳවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES