දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.
ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදුව ඇති අතර පසුව ලොරිය පෙරළී ගොස් තිබුණා.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇතිවි තිබෙනවා.
අධිවේගී පොලීසිය පැමිණ මේ වනවිට රථවාහන තදබදය අවම කිරීමට කටයුතු සිදුකරමින් පවතින බවට වාර්තා වනවා.