මහනුවර -මහියංගනය ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර ඇති බව පොලිසිය පවසනවා.
ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (20) කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කණුව අසලින් පස්වරු 6:00 සිට වසා දමන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියා.