25.6 C
Colombo
Saturday, July 19, 2025

නුලෙන් වැළකුණු දුම්රිය අනතුර

- Advertisement -

හලාවත සිට කොළඹ කොටුව දක්වා ඊයේ (04) පෙරවරුවේ ධාවනය වූ අංක 810 දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයට මුහුණ දී තිබුණා.

දුම්රිය නියාමක සංගමය පවසන්නේ මෙම සංඥා දෝෂ ගැටලු නිරාකරණය කිරීමට බලධාරීන් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

දුම්රිය සංඥා පද්ධතියේ දෝෂය තත්ත්වයන් දිනෙන් දින වාර්තාවීම හේතුවෙන් මෙම තත්ත්වය දුම්රිය මගීන්, දුම්රිය කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය දේපළ දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙහි ආසන්නතම සිදුවීම පසුගිය ජුනි 05 වැනිදා මුහුදුබඩ දුම්රිය මාර්ගයෙන් වාර්තාවූ අතර, සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය 2ක් එකම පීල්ලේ එකම දිශාවකට ධාවනය වී සිදුවන්නට ගිය අනතුරක්ද දුම්රිය රියදුරුගේ සැලකිළිමත් භාවය හේතුවෙන් වැලකී ගියා.

එවන් පසුබිමක අද පෙරවරු 6.10ට හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 810 දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා තිබෙනවා.

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ එම දුම්රිය රාගම දුම්රිය ස්ථානයට පැමිණීමේදී අංක 98 පාලන සංඥාව දෝෂ සහිත තත්ත්වයක පැවති බවයි දුම්රිය නියාමක සංගමය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES