මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29) උදෑසන මෙම දුම්රිය ප්‍රමාදය හටගත් බවයි.
ඒ හේතුවෙන් කාර්යාල දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කෙරුණා.