31 C
Colombo
Wednesday, March 19, 2025

මගීන් 400ක් සමඟින් පාකිස්ථානයේ දුම්රියක් පැහැරගෙන

- Advertisement -

පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබෙනවා.

බලොකිස්තාන විමුක්ති හමුදාව නම් බෙදුම්වාදී කල්ලිය විසින් මෙය සිදුකර ඇති බව වාර්තා වනවා.

මෙලෙස පැහැරගෙන ඇත්තේ ක්වෙට්ටා සිට පේෂාවර් බලා කිලෝ මීටර් 1600ක දුරක් ධාවනය වෙමින් පැවති ජෆාර් නම් ශීඝ්‍රගාමී දුම්රිය බව විදෙස් මාධ්‍ය පවසනවා.

කඳුකර කලාපයක උමඟක් ආසන්නයට දුම්රිය පැමිණීමත් සමග මාර්ගයේ බෝම්බයක් අටවා පුපුරුවාහැර ඔවුන් එය නවත්වා තිබෙනවා.

ඉන් අනතුරුව බලොකිස්තාන විමුක්ති හමුදාව නම් බෙදුම්වාදීන්, දුම්රියේ රියදුරු ඝාතනය කර මගීන් ප්‍රාණඇපයට ගෙන තිබෙනවා.

මේ සමග ක්‍රියාත්මක වූ පාකිස්තාන ආරක්ෂක අංශ, මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර කළා.

එහිදී ඇතිවූ ගැටුම්වලින් බෙදුම්වාදීන් 27 දෙනෙක් ඝාතනයට ලක්ව ඇති බව සඳහන් වනවා.

ඊයේ (11) රාත්‍රිය පුරාම ක්‍රියාත්මක වෙඩි හුවමාරුව අතරතුර මියගිය 17 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා.

ඉන් 12 දෙනෙකු ගේ සිරුරු පාකිස්තාන හමුදා නිලධාරීන්ගේ බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ආරක්ෂක හමුදාවල මැදිහත්වීමෙන් දුම්රිය මගීන් 155 දෙනෙක් මුදාගැනීමට හැකිව ඇති අතර, ඒ අතරින් 15 දෙනෙක් ළමයින් බව සඳහන් වනවා.

ඔවුන් පිරිස ආරක්ෂිතව ආසන්න දුම්රියපොළක් වෙත රැගෙන විත් තිබෙනවා.

බලොකිස්තාන දේශපාලන සිරකරුවන් සහ හමුදාව අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන රැඳවාගෙන සිටින පිරිස් පැය 48ක් තුළ නිදහස් නොකළහොත්, දුම්රිය මුළුමනින්ම විනාශ කරන බවට ප්‍රහාරකයින් තර්ජනය කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ, සෑම හමුදා මෙහෙයුමකට සමගාමීව ප්‍රාණඇපකරුවන් දස දෙනා බැගින් ඝාතනය කරන බවයි.

කෙසේ නමුත් ඉතිරිව සිටින මගීන් ගණන හෝ ඔවුන්ට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණ වී නැහැ.

ප්‍රාණඇපකරුවන්ගෙන් ඇතැම් පිරිස් කඳුකර කලාපයක් වෙත රැගෙන ගොස් ඇතැයි පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES