උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව – බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසනවා.
ඒ අනුව, අද අලුයම 5.55ට ගමන් ආරම්භ කළ පොඩි මැණිකේ දුම්රිය දැනට බලන දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත්, ගස කපා ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයක් සදහන් කළා.
කෙසේ වෙතත්, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවත් දුම්රිය පාලක මැදිරිය පවසනවා.