ඇඳිරි නීතිය මැද දුම්රිය වැඩ

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇතත්, මගීන් නැවත සිය නිවෙස් කරා ගෙන යාම වෙනුවෙන් දුම්රිය ධාවන කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ද දිවයින පුරා යළිත් හදිසි නීතිය ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් අනුවයි.