26 C
Colombo
Sunday, March 16, 2025

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට බෞතීස්මය සඳහා වතිකානුවෙන් අවසර

- Advertisement -

සංක්‍රාන්ති ලිංගික (Transgender) පුද්ගලයන් හට කතෝලික සභාව තුළ බෞතීස්මය ලැබිය බවට වතිකානුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

ඒ අනුව, බෞස්තීස්මයකදී දේව මාපියන් වීමට මෙන්ම විවාහ මංගල්‍යකදී සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටීමටද සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට අවසර හිමි වන බව වතිකානු පල්ලියේ මූලධර්ම කාර්යාලයද ප්‍රකාශ කර තිබුණා.

විදෙස් මාධ්‍ය පවසන්නේ කතෝලික පල්ලිය තුළ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් හට වඩා හිතකර තත්වයක් නිර්මාණය කර දීමේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස වතිකානුව මෙම තීරණයට එළඹ ඇති බවයි.

බ්‍රසීලියානු බිෂොප්වරයෙකු වන හොසේ නෙග්‍රි විසින් බෞතීස්මයට හා විවාහ උත්සවයන් හට විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන්ගේ (LGBT) සහභාගීත්වය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව ප්‍රශ්න හයක් වතිකානු පල්ලිය වෙත යොමු කර තිබුණා.

ඒ අනුව, එම ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අත්සන සහිතව  සංක්‍රාන්ති ලිංගිකයන් කතෝලික සභාව තුළ බෞතීස්ම කළ හැකි බව සඳහන් පිටු තුනක සටහනක්  ඊයෙ (08) දිනයේ වතිකානු පල්ලියේ නිල වෙබ් අඩවිය මඟින් පළ කර තිබෙනවා.

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට මෙන්ම හෝමෝන ප්‍රතිකාර ලබා ගන්නා අයට සහ ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වූ අය ඇතුලු සෑම අයෙකුටම අනෙකුත් ඇදහිලිවන්තයන් හා සමානවම බෞතීස්මය ලබා ගත හැකි බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා පැවසුවේ, අදියර...

විදේශගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්

සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (15)...

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක්. ඊයේ (15) රාත්‍රී...

POPULAR ARTICLES

බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා පැවසුවේ, අදියර...

විදේශගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක්

සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (15)...

ට්‍රම්ප්ගේ නියෝගයෙන් යේමනයට ගුවන් ප්‍රහාර

අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය...