26 C
Colombo
Sunday, October 1, 2023

Breaking: සංචරණ සීමා පැනවූ දිනයන් තව දුරටත් දීර්ඝ කෙරේ (වීඩියෝ)

- Advertisement -

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට පනවා ඇති සංචරණ සීමාවන් ඒ ආකාරයෙන්ම ජුනි 7 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර ඒ අතර කාලය තුළ දින 3 ක කාලයක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව හෙට (25) දිනයේ උදෑසන 4 ට සංචරණ සීමා ලිහිල් කෙරෙන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් නිවසින් බැහැර විය හැකියි.

ඉන් අනතුරුව එළැඹෙන මැයි 31 වන දින හා ජුනි 4 වන දින යළිත් වරක් පෙර කොන්දේසිවලට යටත්ව සංචරණ සීමා ලිහිල් කෙරෙනු ඇති.

අදළ තීරණ දැනුම් දෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝ කිසිදු වාහනයක් භාවිතා කරමින් ගමන් කළ නොහැකි අතර නිවසට ආසන්නතම භාණ්ඩ අලෙවිසැලෙන් අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්නා ලෙසයි.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ යම් වෙළෙඳසැලක් හෝ අලෙවිසැලක් ඉදිරිපිට වාහනයක් නවතා තිබුණහොත් අදාළ වාහනයේ හිමිකරුට නීතිය ක්‍රියාත්මක කරන බවයි.

RECENT ARTICLES - SINHALA

සුදු ඉර මතදී හෙදියට වූ හදිය

පදික මාරුවෙන් ගමන් කරමින් සිටි ගැබිනියකගේ අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබු ගැබිනිය මේ වනවිට කොළඹ ජාතික රෝහලට...

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...