30 C
Colombo
Sunday, December 3, 2023

කොවිඩ් යළි හිස ඔසවයි. කුරුණෑගල ගම්මානයකටත් සංචරණ සීමා

- Advertisement -

කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.

ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත් සමඟ එම තීරණය ගත් බවයි.

එම ප්‍රදේශයේ පවුල් 64ක පුද්ගලයින් 267 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් ස්ථානවලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව අනුගමනය නොකිරීම හේතුවෙන් ඉදිරියේ දී කොවිඩ් -19 ආසාදිතයින්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර සඳහන් කරන්නෙ ඉදිරි සති 04ත් 6ත් අතර කාලය තුළ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

බඹර ප්‍රහාරයකින් ගම්පොළ උණුසුම් වෙයි

සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ නිලධාරීන්ට පල්ලේල්දෙල්තොටදී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...