30.6 C
Colombo
Thursday, April 25, 2024

ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි ඉන්දියාවට දීලා ඉවරයි..! – ඇමති ගම්මන්පිළ

- Advertisement -

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100ම ඉන්දියාවට සදාකාලිකව ලබාදී අවසන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, සමගී ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අද (04) දින පාර්ලිමේන්තුවේ දී නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන ඡේදයේ තුන්වන උපඡේදයට අනුව එම තෙල් ටැංකි සංවර්ධනය කළ හැක්කේ ෛන්දියාව සමඟ පමනක් බව පැහැදිලිවම සඳහන් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂ රජයන් මගින් 1987 වසරේදී සහ 2003 වසරේදී ඉන්දියාවට පැවරූ එම තෙල් ටැංකි නැවත පවරා ගැනීම සඳහා වසරක් පුරා ගැටෙමින් සිටින බවයි ගම්මන්පිල මහතා පවසන්නේ.

තෙල් ටැංකි ඉන්දියාවට විකුනා දැමීම සඳහා තමා ඉන්දියානු විදේශ ලේකම්වරයා සමග ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වූ බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කළද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් තමාව හමුවීමට ඉන්දීය විදේශ ලේකම්වරයාට කිසිඳු උවමනාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

අමරවීරගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...