ස්වාධීන අපේක්ෂක ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටර් යානය හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල, කටියාව වෙල් යායට අද (14) පස්වරුවේ ගොඩ බස්වා තිබෙනවා.
ජනාධිපති ආරක්ෂක අංශය සඳහන් කළේ, හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂය මේ වන විට පරීක්ෂා කරමින් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙන බවයි.
අදාළ හෙලිකොප්ටරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කණ්ඩායමක් මේ වන විට එම ස්ථානයට පැමිණ ඇති බව ගුවන් හමුදාව සඳහන් කළා.