29.1 C
Colombo
Thursday, April 25, 2024

කැනඩා මැතිවරණයට චීනය බලපෑම් කරලා

- Advertisement -

කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවයේ (CSIS) රහසිගත ලේඛන මගින් චීන රජය කැනේඩියානු මැතිවරණයට බාධා කිරීමට උත්සාහ කළ ආකාරය හෙළි කර ඇති බව Aisa Times වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, අදාළ ලිපි ලේඛන මගින් වසර ගණනාවක් පුරා තහවුරු කර ගත නොහැකිව තිබූ වන චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් සනාථ කර තිබේ.

මෙම ලේඛන හෙළිදරව් වූයේ කොතැනින්ද?, තොරතුරු හෙළි වූයේ ඇයි? සහ එය සම්පූර්ණ විෂය පථය නියෝජනය කරන්නේද? වැනි තොරතුරු තවදුරටත් තහවුරු කර ගත යුතුව ඇතැයි ප්‍රවෘත්ති වාර්තාව සඳහන් කරයි.

කොන්සර්වේටිව් සහ එන්ඩීපී යන පක්ෂ දෙකම චීන මැදිහත්වීම පිළිබඳ පූර්ණ මහජන පරීක්ෂණයක් ඉල්ලා ඇති බව වාර්තාවේ සඳහන් වේ.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, වැඩිදුර ක්‍රියාමාර්ග අවශ්‍ය නොවන බව කලින් ප්‍රකාශ කළද, ආන්ඩුව ආන්දෝලනයේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ජාතික ආරක්ෂක කමිටු දෙකක් සමඟ කටයුතු කරන “විශේෂ වාර්තාකරුවෙකු” පත් කරන බව දැන් නිවේදනය කර තිබේ.

පවතින තොරතුරුවලින් පෙනී යන්නේ 2019 සහ 2021 මැතිවරණ දෙකේදීම චීන ඇඟිලි ගැසීම් පිළිබඳ අගමැති සහ ඔහුගේ කාර්ය මණ්ඩලය අවස්ථා කිහිපයකදීම දැනුවත් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...