25 C
Colombo
Saturday, February 15, 2025

USAID වහන්න ට්‍රම්ප් එකඟ වුණා – ඊලොන් මස්ක්

- Advertisement -

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (යු එස් ඒඩ්)වසා දැමීමට ඇමරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟතාවය පළ කර ඇති බව ඊලෝන් මස්ක් පවසා තිබෙනවා.

X හි සටහනක් තබමින් ඊලෝන් මස්ක් පෙන්වා දී තිබුණේ, USAID පිළිබඳව තමා ට්‍රම්ප් සමඟ විස්තරාත්මකව සාකච්ඡා කළ අතර ඒ අතරතුර කිහිපවිටෙකම ට්‍රම්ප් එය වසා දැමීමට එකඟතාවය පළ කර ඇති බවයි.

මස්ක් මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ, ඔහුට අයත්,  රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තු (Department of government efficiency)) සාමාජිකයින් විසින්   USAIDහි දත්ත පද්ධතිවලට පිවිසීම සඳහා අවසරය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය සතියේ, USAIDහි නිලධාරීන්  දෙදෙනෙක් නිවාඩු යැවීමට පියවර ගෙන ඇති පසුබිමකයි.

USAID මඟින් වාර්ෂිකව ලෝකයේ නොයෙක් රටවලට බිලියන ගණනක් මානුෂීය ආධාර සහ සංවර්ධන අරමුදල් ලබා දීම සිදු කෙරෙනවා.

විදේශ ආධාර ලබා දීමට දින 90කට නවතා දමන ලෙස ට්‍රම්ප් කළ නියෝගයක් නොසලකා හරිමින් කටයුතු කළ බවට චෝදනා කරමින්   USAID කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 60 දෙනෙකු පමණ පසුගිය සතියේ නිවාඩු යවා තිබුණා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...