ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින් පැමිණ ජනතාව අමතා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විස්කොන්සින් ප්‍රාන්තයේ ග්‍රීන් බේ නගරයේදී ඔහු සනීපාරක්ෂක සේවකයන් පළඳින ආකාරයේ ඇඳුමකින් සැරසී, ට්‍රම්ප්ට ඡන්දය දෙන ලෙස සටහන් කර ඇති ප්‍රචාරක ස්ටිකර් ඇලවූ කුණු ලොරියක් පදවාගෙන පැමිණ මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිට ඇති බවයි.
ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජෝ බයිඩ්න්, විසින් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කසලවලට සමාන කරමින් සිදු කරන ලද ප්‍රකාශයකට විරෝධය පළ කිරීම සඳහා ඔහු මෙවන් හැසිරීමක් පෙන්නුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.
මෙම අවස්ථාවෙන් අනතුරුව ට්‍රම්ප් විස්කොන්සින්හි පැවති ජන රැලියකට සහභාගී වූ අතර, එහිදී ද ඔහු සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් සැරැසී ජනතාව ඇමතීමට කටයුතු කර තිබුණා.
එහිදී ජනතාව අමතමින් මිනිත්තු 90ක් පුරා දිවෙන කතාවක් සිදු කළ බයිඩ්න්, පවසා තිබුණේ මිලියන 250ක් වන ඇමරිකානු ජනතාව ‘කසල’ නොවන බව තමා අවධාරණය කළ යුතු බවයි.