අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවට හා කැනඩාවට 25% බැගින් ද, චීනයට 10%ක් වශයෙන් තීරු බදු පනවන බව පවසා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කෙසේ නමුත් කැනේඩියානු තෙල් සඳහා 10%ක අඩු තීරු බද්දක් පැනවීමක් සිදුවන බවත්, එය පෙබවාරි 18වනදා සිට ක්‍රියාත්මක වියහැකි බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි.
මීට අමතරව අනාගතයේදී යුරෝපීය සංගමයට ද තීරු බදු පැනවීමට ඔහු සැලසුම් කර ඇති බව සඳහන්.
චීනය, කැනඩාව සහ මෙක්සිකෝව යනු අමෙරිකාවේ ඉහළම වෙළඳ හවුල්කරුවන් වනවා.
පසුගිය වසරේ අමෙරිකාවට ආනයනය කරන ලද භාණ්ඩවලින් 40%ක් චීනය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
නමුත් 2018 වසරේ සිට චීනයෙන් අමෙරිකාවට භාණ්ඩ ආනයනය කිරීම අඩාල වී ඇති බවද වාර්තා වනවා.
මෙලෙස නව ඉහළ බදු පැනවීම ප්‍රධාන වෙළඳ යුද්ධයකට මුල පුරනු ඇති බවත් අමෙරිකාවේ භාණ්ඩ මිල ගණන් ඉහළ යනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවා තිබෙනවා.