26.7 C
Colombo
Monday, July 21, 2025

ට්‍රම්ප් අසතුටින් – නෙතන්යාහුට දුරකථනයෙන් අමතයි

- Advertisement -

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම රටවල් දෙක පිළිබඳවත්  තමා අසතුටු බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ, විශේෂයෙන් ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි සිය අප්‍රසාදය පළ කරන බවයි.

ඉරානය විසින් සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත්, ඒ හේතුවෙන් බලවත්  ප්‍රති ප්‍රහාර එල්ල කරන බවත් ඊශ්‍රායලය නිවේදනය කර තිබූ අතර “ඒ බෝම්බ හෙළන්න එපා” යනුවෙන් ට්‍රම්ප් සිය ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

මතුව ඇති තත්වයත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දුරකථනය මඟින් සම්බන්ධ වී ඇති බවත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයට පහර නොදෙන ලෙස ට්‍රම්ප් ඉල්ලා සිටි බවත් ප්‍රහාරය අවලංගු කිරීමට තමාට නොහැකි බවත් ඉරානය සටන් විරාමය උල්ලංඝනය කර ඇති බැවින් එය අවශ්‍ය බවත් නෙතන්යාහු ට්‍රම්ප්ට යළි ප්‍රතිචාර දක්වමින් පවසා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

කෙසේවෙතත්, ප්‍රහාරය සැලකිය යුතු ලෙස අවම කිරීමටත් එක් ඉලක්කයකට පමණක් පහර දීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවටත් වාර්තා වෙනවා.

මේ අතර, ට්‍රම්ප් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇතැම් ඉරාන බලධාරීන් ජයග්‍රාහී ස්වරූපයෙන් අදහස් දක්වා ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයට සහ බටහිර රටවලට ඉරානයේ බලය විදහා දැක්වූ බව උප ජනාධිපති මොහොමඩ් රේසා අරෙෆ් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES