26.7 C
Colombo
Monday, June 16, 2025

ට්‍රම්ප්, සෞදිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවකට අත්සන් තබයි

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන 142 කට ආසන්න වටිනාකමකින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර  තිබෙනවා.

ධවල මන්දිරය මෙය හඳුන්වා ඇත්තේ, ආරක්ෂක එකඟතාවයක් සැලකූ විට ඉතිහාසයේ විශාලතම ගනුදෙනුව ලෙසයි.

මෙම ගිවිසුම, අත්සන් කර ඇත්තේ  සෞදි අරාබිය ඇමරිකාව අතර ආරම්භ වීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 600 ක පැකේජයක කොටසක් වශයෙනි.

එම පැකේජයට බලශක්ති සහ තාක්ෂණ ක්ෂේත්‍රවල සෞදි අරාබියේ සුවිශාල ආයෝජනද ඇතුළත් වෙනවා.

මේ අතර, අද දිනයේ අත්සන් කෙරුණු ආරක්ෂක ගිවිසුමට අදාළව අවි අලෙවිය කාණ්ඩ පහකට වෙන් කර ඇති අතර,ඊටෙ ගුවන් හමුදා දියුණුව සහ අභ්‍යවකාශ හැකියාවන්, ගුවන් සහ මිසයිල ආරක්ෂාව, සමුද්‍රීය සහ වෙරළබඩ ආරක්ෂාව, දේශසීමා ආරක්ෂාව සහ ගොඩබිම් හමුදා නවීකරණය, තොරතුරු සහ සන්නිවේදන පද්ධති වැඩිදියුණු කිරීම් ආදිය ඇතුළත් වෙනවා.

ධවල මන්දිරය පවසන්නේ,  සෞදි සේවා ඇකඩමි සහ හමුදා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීම ඇතුළුව සෞදි සන්නද්ධ හමුදාවන්ගේ ධාරිතාව ගොඩනැගීම සඳහා පුළුල් පුහුණුවක් සහ සහාය ලබා දීමද ඊට ඇතුළත් බවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES