23 C
Colombo
Friday, February 14, 2025

ගාසා තීරයේ අයිතිය ඉල්ලන ට්‍රම්ප්

- Advertisement -

අමෙරිකාව, ගාසා තීරය පවරාගෙන  සංවර්ධනය කරන බව  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරයේ සංචාරයක නිරත ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබුණා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු යනු ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අමෙරිකාවට පැමිණි පළමු රාජ්‍ය නායකයායි.

එම මාධ්‍ය හමුවේදී ඇමෙරිකාව ගාසා තීරය පවරාගෙන එහි සිටින පලස්තීන වැසියන් සාමකාමී සහ සංවර්ධිත රටවල පදිංචි කිරීමට සූදානම් බව ට්‍රම්ප් පවසා තිබුණා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ දීර්ඝ කාලීන හිමිකරුවෙකු වීමට අවස්ථාවක් ඇමරිකාවට ඇති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් හමාස් සංවිධානය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ අවශ්‍යතාවය ඉටු වීමට පලස්තීන වැසියන් කිසිසේත්ම ඉඩ නොදෙනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES