ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා සැලකිය යුතු අවස්ථාවක් ඇති බව විශ්වාස කරන බවයි.
මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමට තමන් කැමති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ තම රටට ප්‍රහාර එල්ල කරන අතරතුර සාකච්ඡා කළ නොහැකි බවත් ප්‍රහාර නතර වූ පසු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පළමු විකල්පය වනු ඇති බවත් ඔහුගේ එම ප්‍රකාශයේ ඇතුළත්.
ඉරානයේ ස්ථාවරය වන්නේ මෙය අමෙරිකාවේ යුද්ධයක් නොවන බවටයි.
මෙහිදී ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කරන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙම මෙහෙයුම අවසන් වන විට ඉරානයෙන්, ඊශ්‍රායලයට කිසිදු යුධමය තර්ජනයක් ඇති නොවන බවයි.
මේ වන විට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සදහා ඊශ්‍රායලය විසින් දැඩි ලෙස හානි සිදුකර කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.
මේ අතර ඊයේ (19) ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 271 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලයේ සොරොකා රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ගැටුම ආරම්භයේ සිට ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඉරානයේ කොණ්ඩාබ් හි පිහිටි න්‍යෂ්ටික බලය නිපදවීමට අවශ්‍ය මූලද්‍රව්‍ය ගබඩාවකට ඊශ්‍රායලය විසින් ඊයේ බෝම්බ හෙළා තිබුණා.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රදේශයේ කිසිදු විකිරණ මට්ටම් ඉහළ යාමේ අවදානමක් නොමැති බවයි.
මේ අතර ගැටුම් ආරම්භයේ සිට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 224 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 1,200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
මේ අතර අමෙරිකාවේ මානව හිමිකම් සංවිධානයක් වාර්තා කළේ, ඉරානයේ පුද්ගලයින් 639 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
මේ අතර දැනට පවතින ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (20) දින විශේෂ රැස්වීමක් කැදවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඉරානය, රුසියාව, චීනය, පාකිස්ථානය සහ ඇල්ජීරියාවේ ඉල්ලීම් අනුව මෙම හදිසි රැස්වීම කැදවා තිබුණා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පැවසුවේ තම රටද ඒ සදහා සහභාගී වන බවයි.