23 C
Colombo
Friday, February 14, 2025

ට්‍රම්ප් දිවුරුම් දීම ගෘහස්ත ස්ථානයක

- Advertisement -

තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ පවතින අධික ශීත කාලගුණය හේතුවෙන්.

අමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය හෙට (20)ට යෙදී තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ වොෂින්ටන් නුවර දී යි.

සාම්ප්‍රදායිකව මෙම පදවිප්‍රාප්ති උත්සව අමෙරිකානු පාර්ලිමේන්තුව එනම් කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වෙන බව සඳහන්.

කෙසේ නමුත් පවතින අධික ශීත කාලගුණය සලකා ඉතිහාසයේ පළමුවරට මෙවර පදවිප්‍රාප්තිය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සිදුව තිබෙනවා.

වොෂින්ටන් හි කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ලේ මේ අනුව උත්සවය පැවැත්වෙනවා.

මේ ස්ථානයේ 20,000කට අසුන් ගැනීමට හැකි බවද වාර්තා වනවා.

මේ අතර පදවි ප්‍රාප්තියෙන් අනතුරුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට ‘මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් වික්ටරි රැලී’ නම් මැතිවරණ රැලියකට සමාන ස්වරූපයකින් රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව, පෙන්සල්වේනියා හි දී හමුදා වාදන කණ්ඩායම්, පාසල් තූර්යවාදක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ රැලියද අවලංගු කර ඇතැයි වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES