29 C
Colombo
Saturday, January 18, 2025

බස්නාහිර පාසල් ගුරුවරුන්ටත් ටියුෂන්වලට සීමා

- Advertisement -

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සදහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම් බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

එමෙන්ම, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල ද විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර තම පාසලේ සිසුන්ට අමතර පන්ති පැවැත්වීම මෙම චක්‍රලේඛය මගින් තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇති අතර, මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බවද එහි සදහන්.

මීට අදාළව මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අධ්‍යාපන අමාත්‍යාංශ මගින් මීට පෙර චක්‍රලේඛ නිකුත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES