30.9 C
Colombo
Thursday, April 25, 2024

තලේබාන් ආණ්ඩුව පිළිනොගන්නා බව තුර්කියත් කියයි

- Advertisement -

ඇෆ්ගනිස්තායේ පවතින මානුෂීය අර්බුදය විසදා ගැනීමට තලේබාන් සංවිධානයට අවශ්‍ය සහය ලබාදුන්නද තලේබාන් අන්තර්වාර රජය පිළිනොගන්නා බව තුර්කිය පවසයි.

තුර්කි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක අබ්දූල් බල්කි මේ බව සදහන් කළේ තුර්කියේ සංචාරයක නිරත වූ ඇෆ්ගනිස්තානයේ තලේබාන් අන්තර්වාර රජයේ විදේශ ඇමති අමීර් ඛාන් මුට්ටාකි ඇතුළු නියෝජිත පිරිස සහ තුර්කි බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරැව ඒ පිළිබද අදහස් දක්වමිනි.

රටේ එක්සත්භාවය නිරූපනය වන පරිදි සියලු වාර්ගික නියෝජනයක් සහිත ආණ්ඩුවක් පැවතීම, කාන්තා අයිතිවාසිකම්, සියලුදෙනාට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය යන කරුණු ඉටුකළ යුතු බවට තලේබාන් පාලනයට අවධාරණය කළ බව ද තුර්කි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා සදහන් කළේය.

ද්වි පාර්ශ්වික සබදතා පවත්වාගන්නා ආකාරය, මානුෂීය ආධාර ලබාදීම, සංක්‍රමණික ගැටලු මෙන්ම ඇෆ්ගනිස්තානය වෙත යළිත් තුර්කි ගුවන් සේවයේ මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබද තලේබාන් තුර්කි සාකච්ඡාවලදී අවධානය යොමු කර තිබේ.

RECENT ARTICLES - SINHALA

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

අමරවීරගෙන් මිලියන 1000ක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත...

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...