30.4 C
Colombo
Wednesday, April 24, 2024

තලේබාන් පාලනය සමග සබදතා තරකර ගන්නා බව තුර්කිය කියයි

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය සමඟ සබදතා තරකර ගන්නා බව තුර්කිය අවධාරණය කරයි.

කාබුල්හි තුර්කි තානාපති කාර්යාලය තැබූ ට්විටර් සටහනක දැක්වෙන්නේ ඇෆ්ගනිස්තානයේ තුර්කි තානාපති චිහාඩ් එරිගිනායි සහ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයේ දෙවන වැඩබලන නියෝජ්‍ය අගමැති අබ්දූල් සලාම් හනෆි අතර පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණි බවයි.

මේ අතර ඇෆ්ගනිස්තානයේ තුර්කි තානාපති චිහාඩ් එරිගිනායි ඇෆ්ගනිස්තානයේ වැඩබලන වාණිජ අමාත්‍ය නූර්දීන් අසීසි ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

දෙරට අතර වන වෙළෙද කටයුතු තවදුරටත් පුලුල් කිරීමටත් ඇෆ්ගනිස්තානයේ කර්මාන්ත සංවර්ධනය සදහා තුර්කියේ සහය ලබාදීම සම්බන්ධයෙනුත් මෙහිදී එකගතාවයකට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

දශක ගණනාවක් පුරා ඇෆ්ගනිස්තානය වෙළාගත් අර්බුදවලින් මිදීම සදහා අවශ්‍ය සහය ලබාදීමට තම රට සූදානම් බව තුර්කි ජනාධිපති තායිප් එර්දාගොන් ද මීට පෙර ප්‍රකාශ කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

අනුර-සජිත් විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදය සඳහා සත්කාරකත්වය දැරීමට තම සංගමය සූදානම් බව නීති ශිෂ්‍ය සංගමය නිවේදනය කරනවා. අදාළ විවාදය නීති විද්‍යාල...

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දිලා

එන්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු...

හිඟුරක්ගොඩ පුද්ගල ඝාතනයක්

හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ධීවරයන් පිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ එම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...