31 C
Colombo
Friday, April 19, 2024

පාකිස්තාන ජාතිකයන් සඳහා වීසා ප්‍රතිපත්තිය දැඩි කෙරේ

- Advertisement -

පාකිස්තාන ජාතිකයින් සඳහා වීසා ප්‍රතිපත්තිය දැඩි කිරීමට තුර්කිය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ තුර්කියේ ඉස්තාන්බුල්හිදී නේපාල පුරවැසියන් හතර දෙනෙකු පැහැරගෙනයාමේ සිද්ධියට ඇතැම් පාකිස්ථානුවන් සම්බන්ධ බව සොයා ගැනීමෙන් දින කිහිපයකට පසුවයි.

පාකිස්තාන ජාතිකයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ටක්සිම් චතුරශ්‍රයේ සිටි නේපාල පුරවැසියන් හතර දෙනෙකු තුවක්කු පෙන්වා පසුගියදා පැහැරගෙන ගොස් තිබිණි.

නේපාල ජාතිකයන් පැහැරගෙන යාමෙන් පසු ඔවුන් පාකිස්තානුවන්ගේ වධ හිංසාවලට ද ලක් ව ඇති බව වාර්තා වේ.

පාකිස්තානුවන් සම්බන්ධ අපරාධ වාර්තාවීමෙන් පසුව තුර්කි රජය පකිස්ථානුවන් සඳහා වීසා ප්‍රතිපත්තිය දැඩි කර ඇති අතර පාකිස්තානය ජාතිකයන් සඳහා තාවකාලික පදිංචිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ද නවතා දමා ඇති බව Arab News මාධ්‍ය වාර්තා කළේය.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක්...

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ රත්‍රං මිලෙහි වෙනසක්

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වනවා.  සිකුරාදා උදෑසන ආසියානු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...