32 C
Colombo
Friday, March 29, 2024

‘TV Derana’ යූ ටියුබ් නාලිකාව ආයෙත් අතුරුදහන්..!

- Advertisement -

දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘TV Derana’ නිල Youtube නාලිකාවට හැකර් ප්‍රහාරයක් එල්ල වූයේ පෙරේදා (29) දිනයේයි.

මේ වන විට එම නාලිකාව අතුරුදන්ව පවතිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නාලිකාවේ මාධ්‍යවේදී හසිත විජේවර්ධන පවසන්නේ සිදුවූ සිද්ධිදාමය හේතුවෙන් එම නාලිකාව මෙසේ අක්‍රීය වී ඇති බවයි.

පසුගියදා සිදුවූ හැකර් ප්‍රහාරයෙන් අනතුරුව එම Youtube නාළිකාවේ ප්‍රදර්ශනය කරමින් තිබූ දෙරණ නාළිකාවේ නිල ලාංඡනය ඉවත්කොට Twitter සමාජ ජාල අඩවියේ ලාංඡනයක් ප්‍රදර්ශනය කිරීමට හැකර්වරු කටයුතු කළ අතර Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jack Dorsey සහභාගීවන සජීවී වැඩසටහනක් එම නාලිකාව හරහා විකාශය කිරීමට කටයුතු කළා.

එමෙන්ම, එම නාලිකාවේ මෙතෙක් කලක් තිබූ සියලුම වීඩියෝ සියල්ල එය තම ග්‍රහණයට ගත් හැකර්වරුන් විසින් මකා දැමූ අතර නාලිකාවේ නමද වෙනස් කොට ‘TV Derana’වෙනුවට ‘Crypto News’ ලෙස යොදනු ලැබුවා.

කෙසේ වෙතත් අදාල ආයතනය දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස පසුව එම යූටියුබ් නාලිකාව නැවත ලබාගැනීමට ඔවුන්ට හැකි වුනත් මේ වන විට එම නාලිකාව යූ ටියුබ්හි දක්නට ලැබෙන්නේ නෑ.


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...