29.7 C
Colombo
Wednesday, April 24, 2024

රෝහල් විසි පහක වැඩවර්ජනයක්

- Advertisement -

රෝහල් සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල නිරත වූ සංකේත වැඩ වර්ජනය නිසා දිවයින පුරා රෝහල් විසි පහක සේවා සැපයීම් අද(17) අඩාල වී ඇත.

ඉල්ලීම් එකොලහක් මුල් කරගෙන මෙම සංකේත වැඩ වර්ජනය කොළඹ ජාතික රෝහල, මහනුවර රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් ගණනාවක දියත් කර තිබේ.

අමතර ගෙවීමක් නැතිව සතියකට නියමිත වැඩ පැය හතලිහට අමතරව තවත් පැය අටක් අතිරේකව සේවය කිරීම, නිල ඇඳුම් දීමනා ලබා නොදීම, උපස්ථායක පත්වීම් ලබා නොදීම, අවුරුදු 45 ඉක්මවා සේවයේ ස්ථිරවූවන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිකිරීම ආදී කාරණා 11ක් මෙම ඉල්ලීම් අතර වේ.

ආදේශක සේවක සේවිකාවන් සේවයෙහි ස්ථිර නොකර සේවය ලබාගැනීම නිසා අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි ද රෝගියකු වාර්තා වී නිරෝධායනය වීමට වුවහොත් එම නිරෝධායන කාලයේදී වැටුප් කප්පාදු වන්නේ යැයි ද ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සංවිධායක රොෂාන් සමීර මහතා පවසයි.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට නිසි පිළියමක් නොලැබෙන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි ද සමීර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව පොලීසිය නිවේදනය කර තිබුණා. ඒ අනුව...

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

රනිල්ට අභියෝගය රනිල්ම තමයි-රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් බවත් මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...