27.8 C
Colombo
Friday, April 26, 2024

මන්ත්‍රී වැටුප මෙන් දෙගුණයක් පමණ කොවිඩ් වෙනුවෙන් දෙනවා – ශ්‍රීලංනිපය

- Advertisement -

මන්ත්‍රී වැටුප රුපියල් 54,385ක් වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් රුපියල් ලක්ෂය බැගින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පරිත්‍යාග කළ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජූලි මස වැටුප පරිත්‍යාග කිරීමට අදාළ චෙක්පත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (24) භාරදීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

අඩුපාඩුකම් ඇති ප්‍රදේශවල ග්‍රාමීය රෝහල්වල අඩුපාඩුකම් සොයාබලා උපකරණ ලබාදීම වැනි කාර්යයන් ඉෂ්ට කිරීමට එම මුදල් ‍යෙදවීමට බලාපොරොත්තු වන බව මෙහිදී හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ඒ වගේම අපි තීරණය කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය නිමිති කරගෙන සතියක් පක්ෂය අපි ප්‍රකාශයට පත් කළා රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ ව්‍යාපාරයක්. මේ තිබෙන භයානක අවස්ථාවේ අපේ වගකීම සහ යුතුකම වෙන්නේ. මිනිසුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද ඒ කාර්යය අපි ඉෂ්ට කිරීමයි. මම මේ අවස්ථාවේ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මැති ඇමතිවරුන්ට පෞද්ගලිකවත් පක්ෂ ඒ වෙනුවෙනුතුත්, ස්තුතිය හා ගෞරවය පිරිනමනවා.”

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...