31 C
Colombo
Saturday, June 10, 2023

රාහුල් ගාන්ධිගේ ට්විටර් ගිණුම ට්විටර් සමාගම අවලංගු කරයි

- Advertisement -

ට්විටර් රාහුල් ගාන්ධි ඇතුළු කොංග්‍රසයේ ඉහළ පෙළේ නායකයින්ගේ ගිණුම් අවලංගු කරයි

මිලියන 20කට ආසන්න අනුගාමිකයන් ප්‍රමාණයක් සිටින කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ ට්විටර් ගිණුම එම සමාගම මඟින් අවහිර කර තිබෙනවා.තමන් ඇතුළු ඉහළ පෙළේ නායකයින්ගේ ගිණුම් අත් හිටුවීම ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ පහරක් යැයි රාහුල් ගාන්ධි විසින් චෝදනා කරනු ලැබුවා.

ඔහුගේ ට්විටර් ගිණුම අගුළු දැමීමට සමාගම පියවර ගත්තේ දිල්ලි අගනුවර දී දූෂණය කර මරා දැමූ දරුවාගේ දෙමව්පියන්ගේ ඡායාරූපයක් ට්වීට් කිරීමෙන් පසුවයි.

පාලක පක්ෂයේ නියෝග මත ට්විටර් ක්‍රියා කරන බවට කොංග්‍රස් පක්ෂය චෝදනා කර සිටිනවා.

නමුත් ට්විටර් පවසන්නේ ඡායාරූපය “සාධාරණව හා අපක්ෂපාතීව බලාත්මක කරන ලද” ඔවුන්ගේ පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කර ඇති බවයි.

ට්විටර් තම ගිණුම වසා දමමින් ඉන්දියාවේ දේශපාලන ක්‍රියාවලියට බාධා කරන බව රාහුල් විසින් චෝදනා කරනු ලැබුවා.

“මෙය, රාහුල් ගාන්ධි වසා දැමීම පමණක් නොවේ. මට අනුගාමිකයන් මිලියන 19-20 ක් සිටිනවා. ඔබ ඔවුන්ට මතයක් දැරීමේ අයිතිය ප්‍රතික්ෂේප කරනවා. ඔබ කරන්නේ එයයි”

දිල්ලි අගනුවරදී හින්දු පූජකයෙකු සහ ඔහුගේ සගයන් විසින් දූෂණය කර මරා දැමූ බව කියන නව හැවිරිදි දලිත් දැරියගේ දෙමව්පියන් සමඟ ගාන්ධිගේ ඡායාරූපය අගෝස්තු 4 වන දින ඔහු පවුලට ගිය අවස්ථාවේදී ලබා ගන්නා ලද එකක් බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...